Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා ගැන විද්‍යාඥයින්ගෙන් තවත් අනතුරු ඇගවීමක්




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ලෝකයෙන් සම්පූර්ණ පහව නොගොස් එය වර්ෂයේ එක් කාලයකදී පැතිර යන වෛරසයක් ලෙස පවතිනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අගවනවා. ඒ අනුව එම වෛරසය කැස්ස, ලය රෝග සහ උණ වැනි රෝග තත්ත්වයක් ලෙස පැතිර පවතිනු ඇති බවයි එම විද්‍යාඥයින් පවසන්නේ.   

මේ අතර චීනය තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දරුවන් යොදා ගෙන සිදුකළ පර්යේෂණයකින් අනාවරණ කර ගෙන ඇත්තේ දරුවන් හට මෙම වෛරසය ආසාදනය වුවහොත් ඔවුන්ගේ ශරීරයෙන් එය එකවර පෙන්නුම් නොකරන බවයි. එහෙත් දරුවන්ගෙන් එම වෛරසය වැඩිහිටි පුද්ගලයින් හට ආසාදනය වී එම වැඩිහිටියන් ඉක්මනින්් රෝගී තත්ත්වයට පත්විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. 

මේවනවිට ලොව පුරා සීග‍්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරයෙන් ආසාදනයට ලක්වූ පුද්ගලයින් පිළිබඳ රටවල් 73 කින් වාර්තා වනවා. ලොව සිටින සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 90,933 ක්.