Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා ලොවපුරා ළමුන් මිලියන 290 කට පාසැල් ගමන නතර වෙයි




නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලොවපුරා මිලියන 290ක ළමුන්ට පාසැල් යාමට අවස්ථාව අහිමිවී ඇති බව වාර්තා වනවා.

වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය, හොංකොං, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය ඇතුළු ලොව රටවල් 13ක පාසැල් වසා දැමීමට එම රටවල් තීරණය කරනු ලැබුවා. මේ හේතුවෙන් මිලියන 290.5ක ළමුන් පිරිසකට පාසැල් අධ්‍යාපනය තාවකාලිකව නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද සිය රටේ පාසැල් වසා දැමීමට තීරණය කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානි Audrey Azoulay ප්‍රකාශ කර සිටියේ අර්බුධකාරී වාතාවරණය හමුවේ ලොවපුරා ළමුන්ගේ අධ්‍යාපනය සඳහා වන අයිතිවාසිකම් උල්ලංඝණය වෙමින් පවතින බවයි.