Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායන ක්‍රියාවලියට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ : යුධ හමුදාපති 




දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද යොමු කෙරුනා. දින 14ක කාලයක් ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවල රදවා තැබෙනු ඇතිි. 

කෝවිඞ් 19න් හෙවත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවට ඇතුලූ වීම වලක්වාලිම සඳහායි මෙම නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ. ශී‍්‍ර ලංකා යුද හමුදාව එහි සම්බන්ධීකරණයන් සිදු කරනවා. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

නිරෝධායන මධ්‍යස්ථාන වල රදවනු ලබන පිරිස්වලින් කිිසියම් අයකිරීමක් සිදු කෙරෙන බව සාමජ මාධ්‍යන්හි මීට පෙර හුවමාරු වූ ඇතැම් වාර්තාවල දැක්වුණා. එහෙත් එවැනි වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කළේ. 

නව කොරෝනා හෙවත් කෝවිඞ් 19න් අසාධනය වූවන් එක් ලක්ෂ 16,059 මේ වන විට ලොව පුරා හදුනාගෙන තිබෙනවා. මෙම වෛරසය අසාධනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 4,089 දෙනෙක්.