Sunday, May 5, 2024

General line - 0115112241

මැදපෙරදිග සිටින ලාංකිකයින් දෙදෙනෙක්ට කොරෝනා වෛරසය වැළදිලා 




එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් (UAE) නව කොරෝනා අසාදනයට ලක් වූ 15 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබෙන අතර ඉන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින බව එරට ගල්ෆ් නිවුස් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

මීට අමතරව ඉතාලි ජාතිකයින් තිදෙනෙක්,එමිරේට් ජාතිකයින් දෙදෙනෙක්,බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක්,ජර්මන් ජාතිකයෙක්,දකුණු අප්‍රිකානු ජාතිකයෙක්,ටැන්සානියා ජාතිකයෙක්,ර්ජාන ජාතිකයෙක් හමු වී ඇති බවයි එම පුවත් සේවය වාර්තා කර සිටියේ.

මේ වනවිට ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සඳහා යොමු කොට තිබෙන බව ද එම පුවත් සේවය වාර්තා කර ඇත. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74ක් බවද පුවත් වාර්තා සඳහන් කර සිටිනවා.