Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායනය කළ යුතු තවත් ගුවන් මගීන් 300ක් කටුනායක පිරේ

ටී කේ ජී කපිල




අද (11) දින උදෑසන 6.00ය පමණ වනවිට නීරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට ගුවන් මගීන් 300 කට අධික පිරිසක් සූදානම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

ඒ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි පිරිස්.

ඔවුන් ඉහත රටවල සිට ඍජු ගුවන් ගමන් සේවා මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොතිබුණ අතර මෙම ගුවන් මගීන් ඩුබායි, කටාර්, සිංගප්පූරුව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල ගුවන් තොටුපළ හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් බවයි nethnews.lk කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.