Monday, May 6, 2024

General line - 0115112241

රවීගේ පෙත්සම දහවල් 2 ට විභාගයට ගැනේ




හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස්  ඇතුළු හතර දෙනෙකු විසින්  ගොනු කර ඇති රිට් පෙත්සම් සලකා බැලීම සදහා අභියාචනාධිකරණය අද (11) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබුවා. 

ඒ අනුව මෙම පෙත්සම් අද පස්වරු 2:00 ට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාෂ්, විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු  සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතය. 

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම් දැඩි ලෙසට මහජන අවධානයට යොමු වී ඇති බැවින් අභියාචනාධිකරණයේ  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා සිටියා.

එම පෙත්සම් වලින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 6 දා පෙත්සම්කරුවන්ට  එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියි .

 

.................................................................

රවීගේ පෙත්සම සලකා බලන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

(11-03-2020 11:52)

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් අද උදෑසන අභියාචනාධිකරණයේ සලකා බැලීම සදහා කැදවන ලදී. 

මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩි.නවාෂ් සහ විනිසුරු සෝභිත රාජකරුණා මහතාගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මෙම පෙත්සම් දැඩි ලෙසට මහජන අවධානයට යොමු වී ඇති බැවින් අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා සිටියා. 

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඊයේ දින මෝෂමක් ගොනු කළ බව සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියා. හිටපු මුදල් අමාත්‍යවරයා, හිටපු මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු රුපියල් බිලියන ගණනක මුදල් සාවද්‍ය පරිහරණය කිරීමට අදාළ නඩුවකට අදාළ සිද්ධියක් බැවින් මේ සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා. මෙම පෙත්සම් මේ වන විට අභියාචනාධිකරණයේ සලකා බලමින් පවතී.