Thursday, May 9, 2024

General line - 0115112241

නාමයෝජනා භාර ගැනීම අද සිට




මෙවර මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (12) සිට ආරම්භ වනවා. නාමයෝජනා කැඳවීම 19 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක වැඩිදුරටත් කියා සිටියේ මෙම මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය නාමයෝජනා පත්‍ර තමන් තරග කරන දිස්ත්‍රික්කයේ සිටින තේරීම් භාර නිලධාරීවරයාට මෙම කාලය තුළ භාර දිය යුතු බවයි.

ඉදිරි මහ මැතිවරණය සඳහා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 59 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මේ අතර දේශපාලන පක්‍ෂ නාමයෝජනා ලබාදීමේදී සළකා බැලිය යුතු නිර්ණායක පිළිබඳ යෝජනාවලියකට පක්‍ෂ නායකයින් අද (12) අත්සන් තැබීමට නියමිතයි. මෙය සංවිධාන කරන්නේ මාර්තු 12 ව්‍යාපාරය විසින්.

ඒ සම්බන්ධයෙන් එහි කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි අදහස් පළ කළා.