Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායනය ප‍්‍රතික්ෂේප කරන වැසියන්ට ඉතාලියෙන් වසර 21 ක සිරදඬුවමක්




නිරෝධායනය ප‍්‍රතික්ෂේප කරන නව කොරෝනා ආසාධිතයින් හට වසර 21 ක සිරදඬුවමක් පැනවීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. යම් ආසාධිතයෙක් එලෙස නිරෝධායනය නොවී මහජනයා අතර ගැවසීමෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය කර ඇති බව හෙළිවුවහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව පුද්ගල ඝාතනයකට අදාළ චෝදනා ගොනු කරන බවයි පැවසෙන්නේ. 

ඉතාලි මාධ්‍ය මෙම තත්ත්වය සන්සන්දනය කර ඇත්තේ හිතාමතා වෛරසය අනෙක් පුද්ගලයින්ට ආසාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වු HIV ආසාදිතයෙකුට, 2017 වසරේ රෝමයේදී වසර 24 ක සිරදඬුවමක් නියම කිරීමේ සිද්ධියටයි. 

ඉතාලියෙන් මේවනවිට නව කොරෝනා ආසාදිතයින් 12,462 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 827 ක්.