Sunday, May 5, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ජපුර සරසවියේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් රිමාන්ඞ්




ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවෙකු අනතුරකින් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 06 දෙනා ලබන 23 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකාර සිසුන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අදාළ අනතුර සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය සිදුකරන විමර්ශනයකට අනුවයි අදාළ සිසුන් අත්අඩංගුවට ගැනුණේ. 

අනතුරින් තුවාල ලැබු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පසිඳු හිරුෂාන් නමැති පලමු වසරේ සිසුවා තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.