Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන මිල ගැන ස්ථාවරය කියයි




මෙම අවස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ඍජුවම ජනතාවට ලැබෙන වැඩපිළිවෙලක් සකස් කිරීමෙන් පසුව මෙරට ඉන්ධන මිල අඩු කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි.

ඉන්ධන මිල අඩුවීම හරහා ජනතාවට නිසි ලෙස සහන නොලැබෙන තත්ත්වයන් මතුවිය හැකි බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඉකුත්දා ලෝක වෙළද පොලේ බොරතෙල් මිල වාර්තා ගත ලෙස පහල ගියා. එය සැලකුණේ 1991 වසරෙන් පසු බොරතෙල් බැරලයක වාර්තා වූ අඩුම මිල ලෙසයි.

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල හේතුවෙන් ඉකුත් පෙබරවාරි මාසයේ මැද භාගයේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ලාභයක් ලැබූ බවයි එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.

මිල සූත‍්‍රය කි‍්‍රයාත්මක වූ 2018 වසරේ මැයි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ පමණක් රුපියල් මිලියන 81,000 ක පාඩුවක් සිදුවූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඉකුත් වසරේදී රුපියල් මිලියන 11,000 ක පාඩුවක් සිදුවූ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.