Monday, May 6, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගනී




අද (13) උදෑසන 7.00ට පමණ මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පොලිස් වසමට අයත් වන 3.6L කණුව අසළදී හදිසි ගිනි ගැනීමටක ලක්ව තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා. සිද්ධියෙන් තුවාලකරුවන් හෝ ජීවිත හානි වාර්තා වී නොමැති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.