Monday, May 6, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වෙයි




ඉන්දියාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ 76 හැවිරිදි කර්නාටක පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. ඔහු ඉකුත් පෙබරවාරි 29 වනදා සෞදි අරාබියේ සිට ඉන්දියාවට පැමිණ තිබුණා. ඉන්දියාවේ කොටස් වෙළදපොල ගණුදෙනු අද දිනයේ විනාඩි 45 කට සීමා කිරීමටයි සිදුවුණේ. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 74 ක්. ඉන් 12 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ගතවූ පැය 24 තුළයි. 

මීට අමතරව එවරස්ට් කන්ද තරණය කිරීමද අපේ‍්‍රල් මස අවසානය වන තෙක් තහනම් කිරීමට නේපාල බලධාරීන් තීරණය කර තිබෙනවා. ලෝක ප‍්‍රකට ඩිස්නිලන්තයද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර කැනඩා අග‍්‍රාමාත්‍ය ජෙස්ටින් ටෲඩෝගේ බිරිදට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා සහ බිරිද දින 14 ක ස්වයං නිරෝධායන කි‍්‍රයාවලියකට ලක්වීමටයි තීරණය කර ඇත්තේ. විදෙස් සංචාර සදහා එක් නොවන ලෙස කැනඩා වැසියන්ගෙන් එරට රජය ඉල්ලීමක්ද කළා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සළකා අමෙරිකාව විසින් දින 30 කට බලපැවැත්වෙන පරිදි අද මධ්‍යම රාති‍්‍රයේ සිට පනවනු ලැබු සංචාරක තහනම හේතුවෙන් යුරෝපා රටවල් 26 කට බලපෑම් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය යුරෝපා සංගමය දැඩි ලෙස හෙළා දැක ඇති බවයි. 
මේ අතර පුද්ගලයින් 500 කට වඩා එක්රැුස් වන උත්සව නතර කිරීමට ඔස්ටේ‍්‍රලියාව අද තීරණය කළා. සිංගප්පූරුව තීරණය කර ඇත්තේ ඉතාලිය, ප‍්‍රංශය, ස්පාඤ්ඤය හා ජර්මනියෙන් පැමිණෙන සංචාරකයින් තම රටට ඇතුල්කර නොගැනීමටයි. එරට තුළ සියළු දේවස්ථාන වසා දමා ඇති අතර ආගමික උත්සව අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර බ‍්‍රසීල ජනාධිපතිවරයාද කොරෝනා පරික්‍ෂාවකට මුහුණදී ඇතැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්. මීට අමතරව ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ විදේශීය ප‍්‍රතිපත්ති උපදේශකවරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා.
මේ අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලෝක තෙල් මිල තුන්වන දිනටත් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙනවා. බි‍්‍රතාන්‍යයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ 1991 වසරෙන් පසු සතියක් තුළ වාර්තා වූ අඩුම මිල සටහන් කළා. අමෙරිකානු වෙළදපොලේද බොරතෙල් බැරලයක මිල ද 2008 වසරෙන් පසු වාර්තා වූ අඩුම මිල වාර්තා කළේ මේ අතරතුරයි.

මේ අතර ආසියාවේ මෙන්ම බි‍්‍රතාන්‍යයේ සහ අමෙරිකාවේ ද කොටස් වෙළදපොල මිල ගණන් වාර්තා ගත ලෙස පහත වැටී තිබෙනවා. එය සැලකෙන්නේ 1987 වසරෙන් පසු කොටස් වෙළදපොල මිල ගණන් පහත වැටුණු අඩුම අගය ලෙසයි.