Monday, May 6, 2024

General line - 0115112241

සියළු පෙර පාසල් නැවත දැනුම් දෙන තුරු වැසේ




සියළු පෙර පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගනිමින්. 

මේ අතර සියළු විශ්ව විද්‍යාල සති දෙකක කාලයකට වසා දැමීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අද තීරණය කළා. 
 

.............................................................................................

බස්නාහිර පළාතේ සියළු පෙර පාසල් වසා දැමේ  

(13-03-2020 12:34)

බස්නාහිර පළාතේ සියළු පෙර පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ අපේ‍්‍රල් 20 වනදා තෙක් මෙලෙස පෙර පාසල් වසා තබන බවයි. සියළු පාසල්වලට අද සිට නිවාඩු ලබාදුන් අතර දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද අපේ‍්‍රල් මස 20 වනදායි. 

මේ අතර හෙට දිනයේ සිට සති දෙකක කාලයක් සියලූම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපදාන කොමිෂන් සභාව පවසනවා. ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්.

සියලූ පාසල්වලට මෙන්ම දහම් පාසල් සහ පිරිවෙන් ද ලබන අපේ‍්‍රල් මස 20 වනදා තෙක් වසා තැබීමට ඊයේ තීරණය කෙරුණා.