Monday, May 6, 2024

General line - 0115112241

අර්තාපල් කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 100 ක් සොයා ගැනීමේ සිද්ධියට 11 ක් අත්අඩංගුවට




පකිස්තානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 100 කට ආසන්න ප‍්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට පකිස්තාන ජාතිකයන් තිදෙනෙකුද අයත්. 

මෙම හෙරොයින් තොගය අර්තාපල් ගෙඩි 388 ක සඟවා තිබූ බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. එක් අර්තාපල් ගෙඩියක හෙරොයින් ග‍්‍රැම් 250 කට අධික ප‍්‍රමාණයක් අසුරා තිබුණා. මීගමුව ප‍්‍රදේශයේ සිදුකළ වැටලීකමදී මෙම අර්තාපල් තොගය සොයා ගැණුනේ මාස 2 කට අධික කාලයක් තිස්සේ සිදුකළ පරීක්‍ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. 

මෙම කන්ටේනරයේ ඇති අර්තාපල් තුළ තවදුරටත් හෙරොයින් සඟවා ඇත්දැයි සොයා පරීක්‍ෂා කිරීම් සිදුකරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.