Monday, May 6, 2024

General line - 0115112241

මට ජනාධිපතිවරයා ගැන පැහැදීමක් තිබෙනවා : රෝහණ විජේවීරගේ පුත්‍රයා කියයි 

ටී කේ ජී කපිල




තමන් ජාතිකත්වය සහ මව්බිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ රුසියාවේ සිට යලි දිවයිනට පැමිණීමෙන් පසුවයි.

තමන් රට වෙනුවෙන් යම් දෙයක් කළ යුතු බව සිතන අතර ඒ සදහා තම තරුණ ජවය සහ ශක්තිය දායක කර ගනිමින් මේ වනවිට ඒ සදහා අවංක සුදුසු දේශපාලන ධාරාවක් තෝරා ගන්නා බව ප්‍රකාශ කර සිටියා.

මට මේ සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්ෂයෙන් ආරාධනා ලැබී නැහැ. මට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නැහැ. ඒක තාත්තා හදපු ඒ පක්ෂයේ හැටි යැයි ද උවිදු විජේවීර සඳහන් කළා.

අද දින උදෑසන 9.10 ට රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි එරෝෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 6265 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මම දින තුනකට රුසියාවට ගියා. මම ඒ රටේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපති හැටියට ඒ වැඩවලට ගියේ. මම රුසියාවට යෑමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළා. මට මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් පැහැදීමක් තිබෙනවා. ඔහු යම් සාධනීය වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා මට ඒ පිළිබඳව යම් හැගීමක් ඇති වී තිබෙනවා.