Monday, May 6, 2024

General line - 0115112241

කොරෝනා බිය IS ටත් දැනෙයි




නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් ඇති අවස්ථාවක පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් IS සාමාජිකයින් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව IS නායකයින් සිය සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වසංගත තත්ත්වයක් පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙස හා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පුද්ගලයින්ගෙන් ඈත්වි සිටින ලෙසයි.

ආහාර ගැනීමට පෙර හොඳින් දෑත් පිරිසිදු කරන ලෙසත්, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවලදී මුඛ ආවරණ භාවිත කරන ලෙසත් IS සාමාජිකයින් වෙත එහි නායකයින් උපදෙස් ලබාදී තිබෙනවා. 

මැද පෙරදිග කලාපයේ සිය බලය පතුරවා ගෙන සිටි අයි එස් ත‍්‍රස්තයින් මේවනවිට ඉරාකයේ සහ සිරියාවේ සුළු කොටසක රැඳී සිටින බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් සිරියාවෙන් මෙතෙක් කිසිඳු කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවන අතර ඉරාකයෙන් අසාදිතයින් 83 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 8 ක්ද සමගයි. 

මේ අතර ඔස්ටේ‍්‍රලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩුටෝන්ට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු කෙරුණා. ඔහු ඉකුත් දා අමෙරිකාවේ සංචාරක නිරත වුනු අතර යළි පැමිණීමෙන් පසුවයි මෙලෙස රෝග ලක්ෂණ මතුව ඇත්තේ. 

අමාත්‍යවරයා එම සංචාරය අතරතුරදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ද හමුවී තිබෙනවා. 

මේ අතර පකිස්තානයේ හමුදා නිලධාරීන් 08 දෙනෙකුට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මේවනවිට පකිස්තානයෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් ගණන 22 ක්.