Monday, May 6, 2024

General line - 0115112241

ජනපති ට‍්‍රම්ප් හට කොරෝනා පරීක්ෂණ අනවශ්‍ය බව ධවල මන්දිරය කියයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හට කොරෝනා පරීක්ෂණයක් හෝ ස්වයං නිරෝධායනයක් සිදුකර ගැනීම අනවශ්‍ය බව ධවල මන්දිරයේ වෛද්‍යවරයා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අමෙරිකාවේ සංචාරය කර,  ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද හමුවූ  විදෙස් රාජ්‍ය තාන්ත‍්‍රිකයින් කිහිපදෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම සම්බන්ධයෙන් ලොව පුරා මාධ්‍ය පුවත් වාර්තා කරමින් සිටින පසුබිමක් තුළයි.

ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හමුවී ඔහුත් සමග භෝජන සංග‍්‍රහයකට පවා එක්වුනු බ‍්‍රසීලයේ රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින් දෙදෙනෙකුට යළි සිය රට පැමිණීමෙන් පසුව නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. එසේම ජනාධිපති ට‍්‍රම්ප් සහ ඔහුගේ දියණිය හමුවී යළි සිය රට පැමිණි ඔස්ටේ‍්‍රලියාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මේවනවිට තහවුරු වී ඇත්තේ.