Sunday, May 5, 2024

General line - 0115112241

මහින්දගේ ආශිර්වාදයෙන් මෛත්‍රීට නායකත්වය දීමට රොෂාන් රණසිංහ පත්කෙරේ




එළඹෙන මහ මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග වදින හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පොළොන්නරුව දිස්ත‍්‍රික් කණ්ඩායම් නායක ලෙස අදාළ නාම යෝජනා පත‍්‍රයට අද අත්සන් තැබුවා. 

එම කණ්ඩායමේ අපේක්ෂකයෙකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිටිනවා.

ඒ, වීරකැටිය කාල්ටන් නිවසේ ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායක අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි. 

නාමයෝ්ජනා සඳහා අත්සන් තැබීමෙන් පසු  හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසූවේ සිය වසර පහක කැපවීමට නිසි තැන හිමිවූ බවයි.