Sunday, May 5, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් තුනකට ලංකාවෙන් ගුවන් ගමන් තහනමක් 




හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුවයි.

එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලද සති දෙකක කාලයක් සඳහා වසා තැබීමට නියෝග කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ.