Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය හේතුවෙන් මුස්ලිම් දේවස්ථානවල දේවමෙහෙයන් අත්හිටුවෙයි




මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන යාඥා කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සමස්ථ ලංකා ජමෙයිතුල්ලා උලමා සංවිධානය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ජුම්මා සහ පස්වතාවක් පැවැත්වෙන යාඥාවන් සඳහා නැවත දැනුම් දෙන තුරු එක්රැස් නොවන ලෙසටයි මුස්ලිම් ප‍්‍රජාවට උපදෙස් ලබාදී ඇත්තේ. 

මෙම තීරණය ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. වන්දනා ගමන් සහ විනෝද චාරිකාවලින් වළකින ලෙසට ද රජය මීට පෙර ජනතාවගෙන් ඉල්ලීමක් කළා.