Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා බව සැඟවූ ඇමෙරිකානුවාට අත්වූ දඬුවම




කොරෝනා වෛරසය ආසාධනය වී ඒ බව සඟවා, ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින් නිවු යෝර්ක් සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගම තීරණය කර තිබේ.

මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට අදාල පරීක්ෂණය සිදු කර ඒ බව සඟවා මෙලෙසට ජෙට් බ්ලූ ගුවන් සමාගම සමග පියාසර කර තිබුනා.

මේ අතර මෙලෙසටම සිය රෝග ලක්ෂණ සඟවා, පැරසිටමෝල් පානය කරමින් පසුගියදා ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් හෙළිකළා.

සමස්ත ශ්‍රී ලංකාවම අනතුරේ හෙළීමට උත්සාහ කළ එම පුද්ගලයන්ටද මෙලෙසට දඬුවම් කරන ලෙසටයි සමාජජාලා මාධ්‍යයේ ඉල්ලීම් කර තිබුනේ.