Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය නිසා රටට ආර්ථික වශයෙන් පාඩුවක් එල්ලවී තිබෙනවා - ජනපති කියයි




කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සාර්ක් රාජ්‍ය නායකයින් සමග පවත්වනු ලබන ටෙලි සමුළුවට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

" කොරෝනා වෛරසය අපේ ආර්ථිකයට බරපතල පහරක් එල්ල කර තිබෙනවා. විශේෂයෙන් සංචාරක අංශය පසුගිය වසරේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන පසුබිමක. මම සියලුම සාර්ක් කලාපීය රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා මේ දුෂ්කර කාලවලදී අපේ ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා යාන්ත්‍රික ක්‍රමවේදයක් සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සුදුසුයි" මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරිමට ශ්‍රී ලංකා රජය විසින් මේ දක්වා ගත් සියලු ක්‍රියා මාර්ගයන් ගැනද ජනාධිපතිවරයා සාර්ක් රාජ්‍ය නායකයින්ට පැහැදිලි කර දෙනු ලැබුවා.

කොරෝනා වෛරසයට එරෙහිව රටක් වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් එක්ව ක්‍රියා කිරීම වැදගත් බවයි මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කිසිදු වෙනසක් නොවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසය වෙනුවෙන් සියලු සාර්ක් කලාපීය රටවල එකමුතුවෙන් හදිසි අරමුදලක් ආරම්භ කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා මෙහිදී යෝජනා කළා සිටියා. එහිදී ඉන්දීය අගමැතිවරයා කියා සිටියේ සිය රට ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් ප්‍රදානය කිරිමට සුදානම් බවයි.