Thursday, May 16, 2024

General line - 0115112241

කොරෝනා නිසා ඡන්දය ගැන සාකච්ඡාවක්




නව කොරෝනා වෛරසය හේතුවෙන් රටතුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අද (16) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. එම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවයි එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක පැවසුවේ.  

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉදිරි මහ මැතිවරණය සඳහා එය කෙසේ බලපාන්නේදැයි මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. 

මේ අතර නව කොරෝනා වෛරසය ශ‍්‍රී ලංකාව තුළ පැතිර යාම පාලනය කිරීම සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ද විශේෂ සාකච්ඡා වක් අද කැඳවා තිබෙනවා. මෙය කැඳවා ඇත්තේ නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ අරමුණින්. 

මේ අතර කොළඹ සමථ මූල මණ්ඩල රැස්වීම් සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 

මේ අතර අද රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. නව කොරෝනා වෛසය රටතුළ පැතිර යාම වැළැක්වීම සඳහා පොදු ප‍්‍රවාහන සේවයට යොදා ගන්නා බස්රථ හා දුම්රිය  විෂබීජ හරණය කිරීමේ වැඩපිළිවෙළක් ද මේවනවිට කි‍්‍රයාත්මකයි. ඒ සඳහා ආරක්ෂක අංශවල ද සහය හිමිව තිබෙනවා.