Tuesday, April 30, 2024

General line - 0115112241

කොරෝනාවට සුදානම් කළ එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි




නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බව ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ඉදිරි සති හයක කාලය තුලදී තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගනිමින් මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සිදු කෙරෙන බවයි එම බලධාරීන් සඳහන් කරන්නේ.

මෙය පළමු වටයේ අත්හදා බැලිමක් වන අතර කොරෝනා වෛරසයට මෙම එන්නත භාවිත කිරිම සඳහා සුදුසුද යන්න හා මිනිස් ශරිරයට එය ගැලපෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කරනු ඇති.

කෙසේ වුවත් මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා තව තවත් පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඊට මාස කිහිපයක් ගත වෙනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ.