Tuesday, April 30, 2024

General line - 0115112241

ඔබට ගින්නත් සමග සෙල්ලම් කරන්න බැහැ : ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලට අනතුරු අඟවයි




කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සම්බන්ධයෙන් රෝග නිශ්චය කිරීම සඳහා වන පරීක්ෂාවන් සිදුකිරිම අඩාල කොට ඇති රටවල් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දැඩි අප්‍රසාධය පළකර සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom සඳහන් කලේ ආසාධිත පුද්ගලයින් කවුරුන්ද යන්න අදාළ රටවල් වල බලධාරින් හරි හැටි හඳුනා නොගත හොත් මෙම වසංගතය කිසි ලෙසකින් නතර කිරිමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවා සිටියා.

රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ " ඔබට අන්ධව ගින්නක් සමග සටන් කළ නොහැකි."

" මෙම ගින්න තවත් ඇවිලෙන්න ඉඩ දෙන්න එපා. පරීක්ෂාවකින් තොරව මේ දාමය නතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් හැකි සෑම අවිනිශ්චිත පුද්ගලයෙකුම පරික්ෂාවට ලක් කිරීමට සෑම රටක්ම පියවර ගත යුතුයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.