Tuesday, April 30, 2024

General line - 0115112241

සිය පුරවැසියන් ඇතුළුව යුරෝපයේ සිට එන කිසිවෙකුට රටට ඇතුල්වීම තහනම් : ඉන්දියාව දැඩි තීරණයක් ගනියි




යුරෝපයේ සිට පැමිණෙන කිසිවෙකුට ඉන්දියාවට ඇතුල්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කිරිමට එරට බලධාරින් පියවර ගෙන තිබෙනවා. යුරෝපා සංගමය, අයිස්ලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය, තුර්කිය සහ බ්‍රිතානයේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙක්ට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කර ඇත.

මෙම තහනම ඉන්දීය ජාතිකයින්ටද අදාළ වන බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

මෙම තහනමට පෙර යුරෝපා රටවල සිට ඉන්දියාවට පැමිණි සියලුම පුද්ගලයින් දින 14ක කාලයක් අනිවාර්යෙන් නිරෝධායනය ලක්විය යුතු බවට නියෝග කර ඇත.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර්, ඕමාන් සහ කුවේට් සිට පැමිණෙන පුද්ගලයින්ටද මෙම නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිම අනිවාර්ය කොට ඇත.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 114ක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 02ක් ද වාර්තා වී ඇත.