Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකාව පුරාම කොරෝනා පැතිරෙයි




කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අමෙරිකාවේ සියළු ප‍්‍රාන්තවල පැතිර ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ, 50 වන ප‍්‍රාන්තය ලෙස බටහිර වර්ජිනියා ප‍්‍රාන්තයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු තහවුරු කර ගැනීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව අමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 6,443 ක්. ගත වූ පැය 24 තුළ අලූතින් රෝගීන් 1,776 දෙනෙකු හමුවී තිබෙනවා. අමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාවද 109 ක් දක්වා ඉහළ ගියේ අලූතින් පුද්ගල මරණ 23 ක් වාර්තාවීමත් සමගයි.

මෙවන් තත්ත්වයක් තුළ අමෙරිකාවේ ප‍්‍රාන්ත 3 ක ප‍්‍රාථමික මැතිවරණයක්ද මේ වනවිට පැවැත්වෙනවා.

මේ අතර බි‍්‍රතාන්‍යයේද පුද්ගල මරණ 71 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් තුළ නව කොරෝනා මරණ 16 ක් වාර්තාවීම ඊට හේතුවී තිබෙනවා. බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන මුළු රෝගීන් ගණන 1,950 ක්. 

මේ වනවිට චීනයට වඩා යුරෝපා රටවල කොරෝනා වෛරසය සීග‍්‍රයෙන් පැතිර යමින් තිබෙනවා. ඉතාලිය තුළ රෝගීන් 31,506 දෙනෙකු වාර්තා වන්නේ පුද්ගල මරණ 2,503 ක් ද සමගයි. ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 533 ක් වාර්තා වන අතර ආසාදිතයින් ගණන 11,826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.