Monday, May 6, 2024

General line - 0115112241

නිරෝධායනය නොවූ පිරිස් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය




අවදානම් සහිත රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන නොවූ පිරිස් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවදානයක් යොමුකර ඇතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කොවිඞ් නයින්ටීන් වෛරසය පාලනය සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප‍්‍රධානියාද වන ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින්.

කෙසේවෙතත් තවදුරටත් නිසි උපදෙස් පිලිපැදීමකින් තොරව ජනතාව අතර ගැවසෙන පිරිස් සම්බන්ධයෙන්ද යුද හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ නවතම තත්ත්වයන් පිළිබද අද පස්වරුවේ කොවිඞ් නයින්ටීන් වෛරසය පාලනය සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අනාවරණ කිරීමට නියමිතයි.