Saturday, May 4, 2024

General line - 0115112241

වුහාන් නගරයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවේ : චීනයටත් වෛරසය පිටින් රැගෙන එයි




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරයෙන් සහ හුබෙයි ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුලදී කිසිදු රෝගියෙක් වාර්තා වී නැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ගතවූ පැය 24 තුලදී කොරෝනා වෛරසය ආසාධිතවූ පුද්ගලයින් 34 දෙනෙක් චීනයෙන් වාර්තා වී ඇති නමුත් එම රෝගීන් 34 දෙනාම විදෙස් රටවලින් චීනයට පැමිණි අයවලුන් බවයි එරට සෞඛ්‍ය අංශ දැනුම් දී සිටියේ.

කෙසේ වුවත් ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා මරණ 8ක් වාර්තා වී ඇති අතර එය හුබෙයි ප්‍රාන්තයේ මධ්‍යම පළාතෙන් වේ.

මේ වන විට චීනයේ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 3245 ක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 80,928 ක් වනවා.