Saturday, May 4, 2024

General line - 0115112241

බස්නාහිර ආණ්ඩුකාරවරිය ඉල්ලා අස්වේ




බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඇය සිය  ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙකු ලෙස නම් කිරීම හේතුවෙන්. 

මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ ද එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ මහ මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට තමන් ද ඇතුළත්ව සිටින බැවින් මෙම තීරණය ගත් බවයි.