Sunday, May 5, 2024

General line - 0115112241

IDH රෝහලේ අත්‍යාවශ්‍ය උපකරන හිඟයක් නෑ - ලැබෙන ඇමතුම් නිසා රෝහලේ දෛනික කටයුතුවලටත් බාධා




නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග දැඩි කාර්යබහුල තත්ත්වයකට පත්ව තිබෙන IDH උණ රෝහල සම්බන්ධයෙන් පැතිර ගිය අසත්‍ය තොරතුරක් හේතුවෙන් මේ වන විට එම රෝහලට තවත් අපහසුතා රැසකට මුහුණ දෙන්නට සිදුව ඇති බව වාර්තා වෙනවා.

නව කොරෝනා රෝගය සම්බන්ධයෙන් ප්‍රමුඛව කටයුතු කරන IDH උණ රෝහලේ අත්‍යාවශ්‍ය උපාංග සහ උපකරණ හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මෙලෙස පැතිර ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් රෝහලට සහ එහි වෛද්‍යවරුන්ට නිරන්තරයෙන් දුරකතන ඇමතුම් ලැබෙමින් ඒ පිළිබඳව විවිධ පාර්ශ්ව විමසීම නිසා දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ IDH රෝහලේ මෙතෙක් කිසිඳු අතශ්‍යවශ්‍ය උපාංගවල හිඟයක් නොමැති බවයි.

අදාළ අසත්‍ය තොරතුරු ගැන විමසමින් නිතර ලැබෙන ඇමතුම් නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කාලය නිකරුනේ වැය වෙමින් ඇති බවද සඳහන් කෙරුණා.