Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා වසංගතයෙන් ගසා කන්න ගිය පුද්ගලයාට සිදුවූ දේ




දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක ද්‍රාවණයන් වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කළ පුද්ගලයෙකුගේ ඇමසන් ගිණුම අත්හිටුවිමට එම සමාගම තීරණය කර තිබෙනවා.

අමෙරිකාවේ, Tennessee හි පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක අඩංගු බෝතල් 18,000 මෙලෙස ඇමසන් සමාගම හරහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙවැනි සනීපාරක්ෂක ද්‍රව්‍යන් වැඩි මිලකට අළෙවි කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇමසන් සමාගම දැඩි පියවර ගැනීමට පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කෙරුණා.

මෙම පුද්ගලයා දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක ද්‍රාවණයන් අඩංගු බෝතලයක් අමෙරිකානු ඩොලර් 70 කට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවත් සිය ඇමසන් ගිණුම් අත්හිටුවීමෙන් පසු ඔහු තමන් සතුව තිබු දෑත් පිරිසිදු කිරීමේ සනීපාරක්ෂක බෝතල් 18,000 ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයකට නොමිලේ පරිත්‍යාග කර ඇති අතර සිය ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාව අයැද සිටිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.