Sunday, May 5, 2024

General line - 0115112241

විදෙස් ගුවන් යානා වලට ඉන්දියාවෙන් තහනමක් 




මෙම මස 22 වෙනිදා සිට සතියක කාලයක් සඳහා කිසිදු විදේශීය ගුවන් යානයකට සිය රටට ගොඩබෑමට අවසර නොදෙන බව ඉන්දීය රජය නිවේදනය කර සිටිනවා.

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිව්වෙනි මරණය වාර්තා වන බව ඉන්දියාව වාර්තා කර සිටිනවා. එලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ සිට ජර්මනිය හරහා එරටට පැමිණි 70 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය කර ගෙන ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවයි.

මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා වෛරස් ආසධිතයින් 169 දෙනෙක් හඳුනා ගෙන ඇත.