Saturday, May 4, 2024

General line - 0115112241

මරණ ගණන 3400 ඉක්මවයි - ඉතාලිය හැමදේම වරද්දාගෙන : කොරෝනා මර්ධනය ගැන චීනයේ විශේෂඥයින් දෝෂාරෝපණය කරයි




නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම පිරිසක් ජිවිතක්ෂයට පත්වූ රට බවට ඉතාලිය පත්වුවා. ඒ මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනය පසු කරමින් වීම විශේෂත්වයක්.

ගතවූ පැය 24 තුලදී ඉතාලියේ පුද්ගල මරණ 427 ක් වාර්තා විය. ඒ සමගම එරට මිය ගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 3,405ක් බව සඳහන්.

චිනයෙන් මේ වන විට වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3,249ක් බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41,035 ක් වේ.

මේ අතර චීනයේ රතු කුරුස වෛද්‍ය බලකාය සහන සේවා සැපයීම සඳහා ඉතාලියට පැමිණ තිබෙනවා. එම කණ්ඩායමේ බලධාරින් සඳහන් කර ඇත්තේ ඉතාලි බලධාරින් කොරෝනා වෛරසය පාලනය කිරිමට ප්‍රමාණවත් තරම් පියවර ගෙන නොමැති බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරිමට ඉතාලි රජය, රට‍ වසා දැමු බවට කියා සිටියත් එය සිදුකර ඇත්තේ ප්‍රමාදවී බවත් නිරෝධායන කටයුතුද ක්‍රමවත්ව සිදුකර නොමැති බවයි චීන රතු කුරුස සංවිධානය කියා සිටියේ.

දෛනිකව ඉහළ යන රෝගීන් සහ වාර්තා වන මරණ හේතුවෙන් ඉතාලියේ සමස්ත වෛද්‍ය අංශයම දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය සඳහන් කලේ ඉතාලියේ වෛද්‍ය කේෂ්ත්‍රය මේ වන විට දැඩි මානසික පිඩනයකට ලක්ව සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය සඳහා සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ එරට සෞඛ්‍ය කේෂත්‍රයට සම්බන්ධ නිලධාරින් 2,629 කට කොරෝනා වෛරසය වැලදී තිබෙන අතර ඉන් පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. එලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිසෙන් 05 දෙනෙක් වෛද්‍යවරුන්ය.