Sunday, May 5, 2024

General line - 0115112241

14 දෙනෙකුට කොරෝනා බෝ කළ ඉන්දියානුවෙකු පන්ජාබ්හිදී මියයයි




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ඉන්දියානුවෙකු පන්ජාබ් ප‍්‍රාන්තයේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙක්. සිය මිතුරන් දෙදෙනෙකු සමගින් ජර්මනියේ සහ ඉතාලියේ සංචාරයකට එක්ව ඇති මෙම පුද්ගලයා මීට සති කිහිපයකට පෙර ඉන්දියාවට පැමිණ තිබුණා.

විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් හට නිරෝධායනය වන ලෙස නියම කර තිබුණත් එම පුද්ගලයා එම නිරෝධායන නීති කඩකරමින් ඉන්දියාවේ දිල්ලි ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක සංචාරය කර ඇති බවයි පැවසෙන්නේ. එබැවින් එම පුද්ගලයාගෙන් ඇසුරු කළ පුද්ගලයින් 100 දෙනෙකු පමණ මේවනවිට හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් කිහිපදෙනෙකුටම මේවනවිටත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ. එලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතර  අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු ද වනවා.