Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 148 ක් දක්වා ඉහලට




නව කොරෝනා වෛරස වැළදුණු රෝගීන් සංඛ්‍යාව 148ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මෙරට මරණ 03ක් වාර්තා වන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 21ක් වනවා.

දැනට සැක පිට වෛද්‍ය අධික්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව 251ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.