Saturday, May 4, 2024

General line - 0115112241

විශ්‍රාම වැටුපත් ගෙදරටම ගෙනත් දෙයි




අප්‍රේල් මාසයේදී සිය විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප නිවසටම ගෙනැවිත් භාරදීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලව විසින් ආරම්භ කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කරනවා.

ඒ අනුව විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබා දෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර අප්‍රේල් මස 04 වැනි දින වන විට තම විශ්‍රාම වැටුප නිවසටම නොලැබුණහොත් පමණක් ඒ සම්බන්ධයෙන් තමන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයා වෙත දුරකතන ඇමතුමක් ලබා දී විමසන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.