Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්ධන හා ඖෂධ හැර සියලූම දෑ ආනයනය කිරීම නවතී




අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස කරුණු දැක්වුවා. 

බොහෝ දෙනා මේවනවිට වගා කටයුතු සඳහා යොමුව ඇති බැවින් ඒ සඳහා ලබන 09 වනදා විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

එලෙස වගා කෙරෙන භෝග, සහතික මිලක් යටතේ රජය මගින් මිලදී ගැනීමට ද අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.