Saturday, May 4, 2024

General line - 0115112241

උණ රෝගයෙන් වවුනියාවේ කාන්තාවක් හදිසියේ මිය යයි - විශේෂ පරීක්ෂණ ඇරඹේ




වවුනියාව රෝහලට ඊයේ(01) ඇතුළත් කළ කාන්තාවක් දින ගණනාවක් පැවති උණ රෝගය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව වවුනියාව මහ රෝහල් අධ්‍යක්ෂක කේ.නන්දකුමරන් පවසනවා.

රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ වවුනියාව,කට්කුලි ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් ඊයේ(01) රෝහල්ගතවීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ජිවිතක්ෂයට පත්වු කාන්තාවට දින ගණනාවක් උණ රෝගය පැවති බවට අනාවරණවීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

පවතින සෞඛ්‍ය අවධානම් තත්වය හේතුවෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර රුධිර පරීක්ෂණ වාර්තා ලැබෙනතෙක් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේය.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව රෝහල් වෛද්‍ය නිළධාරිවරුන් හා සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.