Sunday, May 5, 2024

General line - 0115112241

"ජනතාව අවබෝධයෙන් සිටිනවා නම් ඇඳිරි නීතිය අවශ්‍ය වන්නේ නෑ"




රජය රටවැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා මෙම කාලසීමාවේදී ඇඳීරි නීතිය පැනවුවද, ඊට අවනත නොවන පුද්ගලයින් පිළිබඳ නිරන්තරයෙන්ම තොරතුරු වාර්තා වනවා.

මේ වනවිට ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 10,000 කට අධික සංඛ්‍යාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටීම ඊට කදිම උදාහරණයක්.

අවබෝධයකින් යුතු පුද්ගලයින් සිටින්නේ නම් එලෙස ඇඳිරි නීතිය පැනවීම කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවයි කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පැවසුවේ.

ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.   

(එම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකියි)