Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායනය වූ තවත් පිරිසක් දියතලාවෙන් පිටව යයි




දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අද (03) සිය නිවෙස් බලා පිටව ගියා. මෙලෙස පිටව ගියේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වූ පිරිසක්.

ඒ අනුව මේවනවිට දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සියලූ පිරිස නිරෝධායනය කටයුතු අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. ගතවූ කාලසීමාවේදී දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේදී පුද්ගලයින් 479 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා.