Sunday, May 5, 2024

General line - 0115112241

මොරටුවේදී අණ නොතකා පලා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව හෙළිවෙයි




මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු සහ  බන්ධනාගාරයෙන් පැන ආ පුද්ගලයෙකු ද වන බව අනාවරණ වී තිබෙනවා. ඊයේ (03) රාති‍්‍රයේ ඔවුන් ඇතුළු සිව්දෙනෙකු මෝටර් රථයකින් මෙලෙස පොලිස් අණ නොතකා පලා ගොස් තිබුණු අතර පසුව පොලීසිය ඊට වෙඩි තැබුවා.

වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් අයෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට වෙත ඇතුළත් කර තිබෙනවා. සෙසු දෙදෙනා ප‍්‍රතිකාර ලබන්නේ පානදුර රෝහලේයි. 

එක් තුවාලකරුවෙකු 2018 වසරේ හෙරොයින් ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අයෙකු බවයි පොලීසිය පැවසුවේ. තවත් තුවාලකරුවෙකු වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර පසුව බන්ධනාගාරගතව සිටියදී ඉන් පළාගිය අයෙක්. එම පුද්ගලයා ද හෙරොයින් ජාවාරම් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.