Sunday, April 28, 2024

General line - 0115112241

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කාදිනල්තුමාගෙන් වත්මන් රජයට ස්තූතිය




පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාම පිිළිබඳ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, වත්මන් රජයට අද සිය ස්තූතිය පළ කළා. 

ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

මේ අතර එළඹෙන 21 වනදාට යෙදෙන පාස්කු ප‍්‍රහාරයේ වර්ෂ පූර්ණය නිමිත්තෙන්, ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර එදින පෙරවරු 08 යි 45 ට, මිනිත්තු 02 ක නිශ්ශබ්දතාවක් පවත්වන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මෙහිදී ඉල්ලීමක් කළා. 

එදින පෙරවරු 08 යි 40 ට කතෝලික දේවස්ථානවල සීනු නාද කරන ලෙසත්, හැකිනම් බෞද්ධ විහාරස්ථාන ඇතුළු අනෙකුත් ආගමික ස්ථානවල ද මියගිය පුද්ගලයින් සිහිකරන්නැයි මෙහිදී ඉල්ලීමක් කෙරුණා.