Sunday, April 28, 2024

General line - 0115112241

ගත වූ පැය විසි හතර තුල ඇඳිරි නීතිය කඩ කිරීම් 1500ක්




ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරුණු දිස්ති‍්‍රක්ක සඳහා අද පස්වරු 04 ට යළිත් ඇඳිරි නීතිය පනවනු ලැබුවා. 

එය ලබන 20 වනදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ. කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කලූතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ති‍්‍රක්කවලට පනවා ඇති ඇඳීරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි. 

මේ අතර ඊයේ දිනයේ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ සිද්ධීන් 1500 කට අධික ප‍්‍රමාණයක් වාර්තා වූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසුවේ.