Sunday, April 28, 2024

General line - 0115112241

දිනය තුල කිසිඳු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙද්දී පස්දෙනෙක් සුවය ලබා පිටවී යයි




අද දිනයේ මේ දක්වා කාලය තුළ කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. 

ඊයේ දිනයේ පමණක් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 238 ක්. 

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. ඒ අනුව මේ දක්වා මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 68 ක්.
 
මේ අතර ග‍්‍රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප‍්‍රදේශය තවදුරටත් හුදෙකලා කර තැබීමට තීරණය කර ඇති බවයි යුද්ධ හමුදාපති, ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රකාශ කළේ. 

PCR පරීක්ෂණ තවදුරටත් කි‍්‍රයාත්මක බවත්, නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 20 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගිය බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.