Saturday, May 4, 2024

General line - 0115112241

සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීම මැයි 15 තෙක් දීර්ඝ කෙරේ




සියලූම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා දින විවේක අවලංගු කිරීම මේ මස 15 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා. වැඩ බලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් සහ සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිකුත් කළ චක‍්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. 

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සෘජු දායකත්වයක් ලබා දීම සඳහා පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මීට පෙර අවලංගු කර තිබුණේ අපේ‍්‍රල් මස 30 වනදා දක්වායි. මෙම නිවාඩු හා දින විවේක අවලංගු කිරීම දැනට අනුමත කර ඇති විශ‍්‍රාම පූර්ව නිවාඩු සඳහා අදාළ නොවන බව ද වැඩ බලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබෙනවා.