Saturday, September 21, 2024

General line - 0115112241

මගුල් දවසේ කන්න ගෙනා මුව මස්වලට වෙච්ච දේ (PHOTOS)




මංගල උත්සවයක් සඳහා නිවසට ගෙනා මුව මස් තොගයක්  අධිශීතකරනයේ බහා තිබියදී වනජීවී නිළධාරීන් විසින් නිවස වටලා සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස සඟවා තිබූ මුව මස් කිලෝ 25 ක් සමඟ නිවැසියා අත්අඩංගුවට ගත් බවයි හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. ගුණතුංග පැවසුවේ. වෙඩි තබා මරණ ලද මුවෙකුගේ මස් බවට සලකුණු තිබෙන බවද වනජීවී නිලධාරීන් පැවසුවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව විහාරගල ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකුයි. හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරු පවසා ඇත්තේ නිවසේ පැවැත්වීමට නියමිත මංගල උත්සවයක් සඳහා මෙම මුවමස් මිලදී ගත් බවයි.

mas 700s23