Saturday, June 10, 2023

General line - 0115112241

ලන්ඩනයේ සිටි දෙවන සිසුන් කණ්ඩායමත් රැගෙන එයි (PHOTOS)

ටී කේ ජී කපිල




එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන එම විශේෂ ගුවන් යානය අද දින අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානයෙන් පැමිණීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

මෙම ගුවන් මගීන් ව්‍යාපාරික පංතියේ 18 දෙනෙකු ද, පිරිමැසුම්දායක පංතියේ 176 දෙනෙකු ද වශයෙන් ගුවන් යානය තුළ අසුන් ගෙන සිටියා.

සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර, ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විෂබීජහරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පියවර ගත්තා.

පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථවලින් මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබුවා.