Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා අභියෝගය මැද ලක්වැසි බෞද්ධයින් සම්බුදු තෙමගුල බැතියෙන් සමරයි




අදට යෙදී තිබෙන වෙසන් පුන් පොහෝ දිනය නිමිත්තෙන් පස්වරුවේ ද රට පුරා වෙහෙර විහාරස්ථානවල පිංකම් සංවිධාන කෙරුණා. ඒ, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සීමිත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්. 

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දින වත්පිළිවෙත් නිවසට වී සිදුකරන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. ඊට අනුගතවෙමින් ජනතාව සිය නිවෙස්වල සිටම ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්හි නිරත වුණා. 

එලෙස නිවෙස් තුළ පොහෝදින වත්පිළිවෙත් සිදුකළ සැදැහැවතුන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ද අද අලූයම සිට පොහෝ දින වැඩසටහන් රැසක් ආරම්භ කළා. 

ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනතුරුව රාතී‍්‍ර 07 ට පූජ්‍යපාද සන්නස්ගම බුද්ධපි‍්‍රය හිමියන්ගේ ධර්ම දේශනාවක් ද නෙත් ශ‍්‍රාවක ඔබ වෙනුවෙන් ප‍්‍රචාරය කිරීමට නෙත් එෆ් එම් රේඩියෝව සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. 

රාතී‍්‍ර 08ට ලෝ වැසියන්ට සෙත්පතා මහා ආශිර්වාද ගිතෙල් පහන් පූජාවක් ද නෙත් එෆ් එම් රේඩියෝව හරහා ප‍්‍රචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා නිවසේ සිට වෙසක් පොහෝ දින වත්පිළිවෙත් සිදුකරන සැදැහැවත් ඔබට ද එක්විය හැකි වනවා. 

සුදු පීරිසියක්, ගිතෙල් පහනක් හා පහන දැල්වීමට අවශ්‍ය දෑ සූදානම් කර ගනිමින් වෙසක් පුන් පොහෝ දින පැවැත්වෙන මෙම ආශිර්වාද ගිතෙල් පහන් පූජාවට එක්වන ලෙස නෙත් එෆ් එම් රේඩියෝව ශ‍්‍රාවක ඔබට බැති සිතින් ආරාධනා කරනවා. 

පවතින තත්ත්වය හමුවේ ගිතෙල් පහනක් සූදානම් කිරීමට ඔබට නොහැකි නම් ඒ සඳහා සුදුසු පහනක් සකස් කර ගත හැකියි. සම්බුදු තෙමගුල වෙනුවෙන් හෙට දිනයේ ද පිංකම් රැසක් නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප‍්‍රචාරය කිරීමට සියලූ කටයුතු යොදා තිබෙනවා.