Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන ඉහළ යද්දී 232ක් සුවය ලැබී පිටව යයි




මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 232 දක්වා අද ඉහළ ගියා. 

ඒ, කොරෝනා වෙරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.  මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙකු ද අද මෙරටින් හඳුනා ගැනුණා. 

ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 804 ක් දක්වා ඉහළ ගියා. 

මෙලෙස අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වනවා. අනෙක් ආසාදිතයා එම නාවික හමුදා සාමාජිකයෙකුගේ සමීපතමයෙක්.

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 804 ක් ලෙස වාර්තා වුවද, ඉන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 563 දෙනෙකු පමණයි. 

මේ අතර පලමුව කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගැනුනු පුද්ගලයින් කිහිපදෙනෙකුට එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරුවීමත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් එම නිරෝධායන මධ්‍යස්ථානවලින් යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට ආරක්ෂක අංශ අද පියවර ගත්තා.